n7 3මෙලොව උපත ලබන සෑම පුද්ගලයෙකුම නොයෙක් ශක්තීන් රැුගෙන මෙලොවට බිහිවෙයි. එම ශක්තීන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ ඔවුන් එම ශක්තීන් වැඩිදියුණු කරගන්නා ආකාරය අනුවයි. සෑම පුද්ගලයෙකුගේම ශරීරය වටා රැුස් වළල්ලක් පවතින අතර, එයින් පිටතින් පැමිණෙන රෝගාබාධ, අමනුෂ්‍ය දෝෂ, අණවින කොඩිවිණ ආදී දෙයින් මනුෂ්‍යයා ආරක්ෂා කරනු ලබයි. මෙය අප ” ඕරාව’’ ලෙස හඳුන්වනු ලබන අතර, ඕරාව ප්‍රබල වන්නේ ද භාවනාව හා අධ්‍යාත්මික ක්‍රමවේදයන් අනුගමනය කිරීම හා සතා සීපාවුන්ට හා ගහකොළවලට ආදරය කිරීම තුළින්ය. මිනිස් සිත සුමගට යොමු කරමින් එයින් විශ්මිත දේ කළ පුද්ගලයන් ලංකාවේද සිටින බව අප අසා ඇත. එය අප ”විශ්ව ශක්තිය’’ නමින් හඳුන්වනු ලබයි.
විශ්ව ශක්තිය පිළිබඳව හැඳින්වීමක් කළහොත්?
මිනිසාගේ චිත්ත සන්තානයේ ඇති ශක්තිය වර්ධනය කරගනිමින් නොයෙක් ආකාරයේ කාර්යයන් ඉටුකරවා ගැනීම විශ්ව ශක්තිය ලෙස හඳුන්වනු ලැබේ. මෙම විශ්ව ශක්තිය මඟින් නොයෙක් ලෙඩරෝග, නව සොයා ගැනීම්, මනස දියුණු කරමින් නොයෙක් කර්තව්‍යයන් කළ ආකාරය විශ්මයජනකය. තිබ්බතයේ වෛද්‍ය ක්රමයේ ළාමාවරුන් විශ්ව ශක්තිය ලබාගෙන ඇත්තේ අති දුෂ්කර භාවනා ක්රමයන්ගෙන් හා සියුම් ශල්‍යකර්ම තුළිනි.
මෙම විශ්වශක්තිය වර්ධනය කිරීම තුළින් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
විශ්වශක්තිය වැඩිදියුණු කිරීම තුළින් ඔබට වාසි රැුසක් සැලසේ. අන්‍යයන්ගේ සිතිවිලි හඳුනාගැනීම, බොහෝ දුර ඇති දේ දර්ශනය කරගැනීම, සිත පිළිබඳව දැකීම, රාත්‍රී අඳුර දහවල මෙන් දැකීම, අතීතය හා අනාගතය දැකීම ආදිය වේ.
විශ්වශක්තිය දුර්වලවීම නිසා අපට වැළඳෙන ප්‍රබල රෝගාබාධ මොනවාද?
අප ලෙඩ රෝගවලට ගොදුරුවන්නේ මනසේ ඇති දුර්වලතාවය නිසයි. කොපමණ බෙහෙත් බීවත් සුවයක් නොලැබෙන අවස්ථා ඇත. එහිදී සිදුවන්නේ මනස විවිධ සංකුලතාවයන්ට ගොදුරුවී ඇතිවිට මනස නිරවුල් කරගත යුතුය. එයින් ඇතිවන හිඩැස යහපත් සිතුවිලි වලින් මනස පුරවාගැනීම තුළින් සිත ශක්තිමත්භාවයට පත්වේ. නමුත් සිත දුර්වල වූ සෑම මොහොතකදීම අපට විවිධ භයානක රෝගාබාධයන්ට ගොදුරුවීමට සිදුවේ. පාකින්සන්, ඇල්සයිමර්, දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වැනි රෝග වලට මිනිසා ගොදුරු වේ. මීට අමතරව භූත උන්මාදය වැනි රෝග ද හටගනී.
භූත උන්මාදය වැනි රෝගාබාධයන්ට මිනිසුන් වැඩි වශයෙන් ගොදුරුවන්නේ කෙසේද?
භූත උන්මාදය යනු මිනිසාගේ සිත දුර්වල වූ විට ඔහුට වැළඳෙන රෝගී නොවන රෝගී තත්ත්වයකි. අතීතයේ සිට දේශීය වෙදකමට තොවිල් පවිල් බොහෝසෙයින් සම්බන්ධය. ගුරුකම හා වෙදකම හරියට කියනවානම්, නෝනාට, මහත්තයා වගෙයි. ඒ හා සමාන බැඳීමකුයි පවතින්නේ.
භූත බලපෑමක් හා පෙරේත දිෂ්ටියක් යනු කුමක්ද?
සාමාන්‍යයෙන් අපගේ මනසේ (සයිකෝ* ඇදුණු පැරණි චිත්‍ර තිබෙනවා. විශ්වශක්තිය අඩුවූ විට මනස දුර්වල වේ. මනස දුර්වල වූ පුද්ගලයාගේ උඩු හිතේ කි‍්‍රයාකාරිත්වය අඩුෙවි. එවිට රාති‍්‍ර කාලයේදී හෝ යම්කිසි පාළු ස්ථානයකදී, පාළු කනත්තකදී, ඇළක් දොළක් ළඟදී හෝ පාළු පාරක ගමන් කරනවිට යටි හිතේ තැන්පත් වී ඇති විවිධ කි‍්‍රයාකාරකම්, පේ‍්‍රත, යක්ෂ ආත්මයන් ගැන ඇති දැඩි විශ්වාසය හරහා මනස දැඩි ග්‍රහණයකට ලක් වේ. භූතයෙකු, යක්ෂයෙකු ගැන ඔහු විසින් සිතන අවස්ථා බොහෝය. එවිට ඔහුට භුතයෙකු, යක්ෂයෙකුගේ බැල්මක් ඇති බව පවසා සිතින් හා ගතින් ලෙඩ වෙයි. මෙවැනි රෝගයන්ට වැඩි වශයෙන් ගොදුරු වන්නේ අවිවාහක කාන්තාවන් හා නිවසේ හුදකලාව වෙසෙන වැඩිහිටි උදවිය වේ.
එවැනි පුද්ගලයෙකු සුවපත් කරන්නේ කෙසේද?
අන්න ඒක තමයි මේ වෙදකමට භූත උන්මාදය කියන කොටස ඇතුළත් වී තිබෙන්නේ. එවැනි දැඩිලෙස මනසට ග්‍රහණය වී ඇති ආත්මයක් ඉවත් කිරීම සුළුපටු නොවේ. ඒකට තමයි, පුවක්මල්, පොල්මල්, වෙස්මුහුණු ආදිය ගෙන තොවිල් කිරීම මඟින් රෝගියාගේ මනස සුවපත් කරන්නේ.
සයිකෝ කියන්නේ මොකක්ද?
සයිකෝ කියන්නේ ශරීරයේ අන්තර්ගත කි‍්‍රයාදාමයකි. ඒක තියෙන්නේ මනසේ නෙමෙයි. ශරීරයේ රෝමකූප තුළයි.
එසේ වෙන්නේ කොහොමද වෛද්‍යතුමනි,
උදාහරණයක් ලෙස වේදිකාවට හුරුකිරීමට නියමිත සතුන් යකඩ තැටියක් උඩට දමා යටින් ගින්දර දමමින් බෙරයක් වාදනය කරනවිට එම සතුන් උඩපනිනවා. පදික වේදිකාවේ රත් නොකර බෙරය ගසන විට සතුන් උඩ පනින්නේ රත් වීමට නොව දැනීමටය. මේ දැනීම ඇතිවන්නේ අප රෝපකූප හරහාය. සතුන්ට ද එය පොදු දෙයකි.
දුම්බීම එයට සම්බන්ධ ද?
ඔව්, දුම්බීමත් සයිකො තමා. ඒකත් රෝමකූප වල තියෙන්නේ. දුම්වැටියක් දුටු විට එම දුම්වැටිය අල්ලන ඇඟිලි දෙක හෝ කි‍්‍රයාකාරිත්වය රෝමකූප තුළින් ඇතිවන්නේ. අපගේ ඇබ්බැහිවීම් ඇතිවන්නේ ශරීරයේ ඇති රෝමකූප තුළින්ය. එය අප සයිකො ලෙස හඳුන්වනු ලබයි.
සිත සෑම කි‍්‍රයාවකටම මුල්වන බව අප බුදුරජාණන් වහන්සේ පවා දේශනා කර ඇත. එහෙයින් සිත නිරෝගීව තබාගැනීම තුළින් සිත ගත දෙකම සුවපත් කරගැනීමට හැකියාව ඇත. එමගින් නිරෝගිමත් ජනතාවක් ඇති සමාජයක් බිහිවන බව වෛද්යාචාර්ය නුවන් සූරියආරච්චි මහතා පවසයි.
වෛද්යාචාර්ය නුවන් සූරියආරච්චි,
නො. 76/ෘල හේවාගම, කඩුවෙල.
වැඩි විස්තර ස`දහා 071 9834236
Dilan
Saturday, November 23, 2019
More From Author